අපේ සජිත් මහත්තයෝ.සජිත් මහත්තයෝ මම ඉගෙනගෙන නැහැ. මට අකුරු ලියන්න බැහැ. මේ ලියුම ලියන්නේ මගේ පොඩි කෙල්ල. ඒකි මේ පාර සාමාන්‍ය පෙළ කරනවා. මේ ලියුම ලියන්නේ පොඩි එකී ඊයේ හැන්දෑවේ කියපු කතාවක් නිසා. ඒකි කියනවා අපේ ගමේ පාලම විවෘත කරන්න ආපු වෙලාවේ අපි මෙච්චරකල් විඳපු දුක අත්විඳලාම බලන්න ඕන කියලා අලුත් පාලම පැත්තක තියෙද්දී ඔබතුමා අපේ අපේ පරණ ඒදණ්ඩෙන් මාරු වෙන පින්තුරෙකට රටේ ලෝකේ උන් හිනාවෙනවා දැක්කා කියලා. ඒ කතාව අහපු වෙලාවේ ඉඳලා හිතට හරි වේදනාවයි. අපි පුංචි මිනිස්සු. අපිට පත්තරවල tv එකේ මේවා කියන්න හම්බෙන්නේ නැහැ. ඒත් උපන්දා ඉඳලා මාරකයක් වගේ තිබුණු ඒදණ්ඩ වෙනුවට අලුත් පාලමක් හදලා දීපු ඔබතුමාට එහෙම හිනාවෙන උන් මිනිස්සු නම් නෙවෙයි.මේ දවස්වල මේ පළාතේ මහා වැස්ස. මහා ගඟ දෙගොඩතලා යනවා. හරියටම මිට අවුරුදු 10කට විතර කලින් ආපු වැස්සේ තමයි මගේ ලොකු එකී කලින් තිබ්බ ඒදණ්ඩෙන් මාරු වෙලා ඉස්කෝලේ යන්න ගිහින් ඉස්කෝලේ ඇඳුම පිටින්ම මහ ගඟේ ගහගෙන ගියේ. ඒ දුකින්ම තමයි ඒකිගේ අම්මත් එක්තැන් වුණේ. දැන් ඔබතුමාට පින්සිද්ධ වෙන්න ඔබතුමා මහ ගඟ හා කරලා හදලා දීපු අලුත් පාලම නිසා මගේ පොඩි එකී දැන් පරිස්සමට ඉස්කෝලේ යනවා. ඒකි ගෙදර එනකන් ගින්දර පත්තු වෙලා ඉන්න ඕන නැහැ අපිට දැන්. අපිට මහා දේවල් ඕන නැහැ මහත්තයෝ. අපේ උන්ගේ කැක්කුම පපුවට දැනුනේ ඔබතුමාට විතරයි.ඔබතුමා කරපු දේ අවුරුදු 10කට කලින් හිටපු උන් කරානම් මගේ ලොකු එකී තාම ඉන්නවා. මේ කරපු වැඩේට ඡන්දේ දීලා පිරිමහන්න බැහැ .ජාති ජාතිත් පින් සජිත් මහත්තයෝ. අපේ ඇමතිතුමා විදියට අපේ ගමට ආපු ඔබතුමා අපේම ජනාධිපතිතුමා විදියට අපේ ගමට ආයෙත් පිළිගන්න මුළු ගමේම උන් ආදරෙන් බලන් ඉන්නවා. ලොකු මිනිස්සු මොනා කිව්වත් රට පුරාම ඉන්න අපි වගේ පුංචි මිනිස්සු ඔබතුමා එක්ක ඉන්නවා. බයවෙන්න එපා සජිත් මහත්තයෝ ඔබතුමා දිනනවාමයි..!!! ඔබතුමාට ජයශ්‍රීමහා හාමුදුරුවන්ගේ පිහිටයි..!!!