මෙවර හත්වන විධායක ජනාධිපති තෝරාපත් කර ගැනීමට ඇත්තේ හරියටම තවත් දින 11ක් පමණි. ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛාවක්  ඇප මුදලක් තැම්පත් කරමින් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 32ක් ඉදිරිපත් ‌වේ . නමුත් මේ වන විට එය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකුගේ තරඟයක් පමණක් වී ඇති බව දක්නට ලැබේ.  ඒ ගොඨාභය රාජපක්ෂ මහතා හා සජිත්  ප්‍රේමදාස මහතා  අතර ය. මේ දෙදනාට ඇත්තේ එක හා සමාන ජන්ද ප්‍රතිශතයක් බවත් දෙදෙනාම කරට කර සිටින බවට දේශපාලන විචාර පෙන්වා දෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමටත් පෙර සිටම විශාල මුදලක් වැය කරමින් මැතිවරණ ව්‍යාපාරය දියත් කළ ගෝඨාභය මහතා වැඩි අවදානයක් ජනතාව තුළ ලබා ගැනීමට සමත් වූ බවක් දක්නට ලැබිණ.  නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කටයුතු වඩාත් සංවිධානත්මක බවක් දක්නට ඇති බවත් එහි ධනාත්මකබවක් මේ වන විට ලබාගෙන අවසන් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

ගෝඨාභය මහතාගේ ජන්ද ව්‍යාපාරය අතික්‍රමණය කිරීමට පසුගිය දා (03) වන දා සවස වවුනියාවේදී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ ප්‍රකාශය සමත් විය. ඒ ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය ලබාදෙන බවට ප්‍රකාශ කිරීමත් සමඟය. රජපක්ෂ පවුල ඇතුළු පොහොට්ටුව බලාලොරොත්තු වුණ ආකාරය නම්,  උතුරේ ජන්ද වර්ජනයකි.  නමුත් බලා පොරොත්තු නොවූ ආකාරයට TNA හි සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට  සෘජුවම ලක්ෂ 4 ½ ක ජන්ද සංඛාවක් හිමි විය.

මිට අමතරව , මුස්ලීම් ජන්ද ලක්ෂ 3 ½ කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් සජිත්ගේ පිළට බර වී අවසන්ය.  තවත් ලක්ෂයක පමණ ජන්ද සංඛ්‍යාවකගේ සහයෝගය හිටයු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක  මැතිණියගේ සහයෝගයෙන් හිමි වේ.  මේතැනින්ම සජිත් ප්‍රේමදාස මහතා දළ වශයෙන් ලක්ෂ නවයක පමණ ජන්ද ප්‍රමාණයක් එකවර ලබා ගැනමට සමත් වීම එකවර ගෝඨාභය මහතාට අත්වූ විශාල අභියෝගයකි. මේ වන විට මෙම අභියෝගය ජය ගැනීමට පොහොට්ටු පක්ෂයේ ජන්ද ව්‍යාපාරය මෙහෙය විය යුත්තේ  කොයි ආකාරයෙන් ද යන්න පිළිබඳ සාකච්ඡා කෙරෙන බව සඳහන් වෙනවා.

2015 වර්ෂයේ දී දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනා බලා පොරොත්තු නොවූ ආකරයකට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ ද මෙවැනි ම ආකාරයේ ජන්ද එක්කාසුවකිනි. ඒ අනුව පසුගිය මැතිවරණයේ දී තමාගෙන් ගිළිහුණු ජන්ද මෙවර ද රාජපක්ෂලා අත් කරට ගැනීමට නොහැකි වූ බව දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්තන් පෙන්වා දෙයි. ඉතිරිව ඇති දින 11ක කාලය තුළ එකවර ජන්ද ලක්ෂ නවයක් නැවත ගෝඨාභයට හැරවීම, කිරීමට ඉතා අපහසු බව පෙනෙන්නට ඇත.