චතුරිකා සිරිසේනගේ අස්සන ව්‍යාජ ලෙස යෙදූ ලේඛනයක් බැංකුවකට ඉදිරිපත් කළ මවක් සහ පුතෙක්, අධිකරණයේදී වරද පිළිගනියි…චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් කූඨ ලේඛණ සකසා ප්‍රධානපෙළේ බැංකුවකට ඉදිරිපත් කර සිදුකරන ලද වංචාවක් සම්බන්ධයෙන් එතුමිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුව අද (06) අවසන් විය.අධිකරණයේ ගොනුකර තිබූ අංක 7534/17 සහ 9255/18 දරන නඩු පසුගිය 26 වැනිදා සහ අද (06) මහේස්ත්‍රාත් රංග දසනායක මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.එහිදී අධිකරණයට පෙනී සිටි විත්තිකාරියක් තම පුතා විසින් සකස් කර දුන් චතුරිකා සිරිසේන මහත්මියගේ ව්‍යාජව යෙදූ අත්සන සහිත කූඨ ලේඛනය එකී බැංකුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත්තාය.එසේම එදින අධිකරණයේ පෙනී නොසිටි එම තැනැත්තියගේ පුතා නොවැම්බර් 6 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි අතර චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත්තේය.ඒ අනුව අදාල වරදකරුවන්ට දඬුවම් නියම කිරීම ඉදිරි දිනකදී සිදු කරන බව ගරු මහේස්ත්‍රාත්තුමා විවෘත අධිකරණයේදී දන්වා සිටියේය.මේ අතර පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරිය වන චතුරිකා සිරිසේන මහත්මියට නඩුවට අදාළව සාක්ෂි දීමට ගරු අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිබූ පසුබිමක එතුමිය අධිකරණය මඟහරිමින් සිටින බවට ඇතැම් අන්තර්ජාල වෙබ් අඩවි මගින් කරුණු විකෘති කොට එතුමියට අගතියක් අැතිකරන පරිදි පසුගියදා ප්‍රවෘත්ති පලකර තිබිණි.කෙසේ නමුත් එවැනි කැඳවීමක් සිදු කර නැතත් පසුගිය නඩු වාරයේදී චතුරිකා සිරිසේන මහත්මිය ස්වේච්ඡාවෙන්ම ගරු අධිකරණය හමුවේ පෙනී සිටියාය.එසේම, තම සේවාදායිකාව වන ජනාධිපති දියණි චතුරිකා සිරිසේන මහත්මියට අධිකරණය මගහැර සිටීමේ කිසිදු වුවමනාවක් හෝ චේතනාවක් නොමැති බව එතුමිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ගරු අධිකරණයට දැනුම් දුන්හමෙහිදී චතුරිකා සිරිසේන මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සීවලී අමිතිරිගල, නීතිඥ අසේල රැකව හා නීතිඥ තීක්ෂණ පතිරණ ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.