අපේ රටේ ක්‍රියාත්මක වන්නේ බහුපක්ෂ ක්‍රමයකි.  බහුපක්ෂ ක්‍රමයකි යනු පක්ෂ දෙකකට වැඩියෙන් තරග කරන ක්‍රමයකි. ප්‍රබල පක්ෂ දෙකකට අමතරව සාර්ථක තුන්වන පක්ෂයක්ද පවතින රටවල් බහු පක්ෂ ක්‍රමයට ගැනේ. උදාහරණ ලෙස කැනඩාව,අයර්ලංතය සහ එක්සත්‍ රාජධානිය දැක්විය හැක. මෙම තෙවන පක්ෂය මැතිවරණවලදී දෙවන ස්ථානය ලබාගන්නා අතර එය ප්‍රධාන පක්ෂ දෙකට තර්ජනයක් වූවත් තවමත් රජයක් පිහිටුවා ගෙන නැත.

මෙවන් පක්ෂයක් විශේෂයෙන් වැදගත් වනුයේ එහි සහයෝගයන් හෝ විරෝධයෙන් සුළුතර රජයක් පවත්වා ගැනීමට හෝ නිමා කිරීමට හැකි බැවිනි.ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය පිළිබඳ කතා කිරීම ඉතාම අපහසු වන්නේ ඇතැම් විට රටේ තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකක් ද? නැත්නම් බහුපක්ෂ ක්‍රමයක් ද ? යන්න ගැටළුවකි. මන්ද යත් ඇතැම් මැති ඇමතිවරු තමා මොන පක්ෂය නියෝජනය කරන්නේ කුමන පක්ෂය ද යන්න පිළිබඳව දැන සිටිනවා ද යන්න පවා ගැටළු සහගතය.

ඒ තරමට රටේ දේශපාලනය ව්‍යකූලය.  සෑම අයෙක්ම පක්ෂය තුළ ගොඩ නගා ගත් ප්‍රතිපත්ති මත නොව දේශපාලන වාසි සඳහා කටයුතු කරමින් සිටිති. මෙහි පෙරමුණේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ යනු එල්ලෙන්න වැලක් හොයන පක්ෂයක් පමණක් මිස තවදුරටත් ප්‍රතිපත්තියක් තුළ රටේ අරගලයක් කරන පක්ෂයක් නොවේ. ඇත්තෙන්ම ජනතා විමුක්ති පෙරමුණ  යනු එක්සත් ජාතික පක්ෂය යේ කුලි හේවායින් බවට පත් වී ඇත.

එජාපයට ඇති තර්ජන ඉවත් කිරීම සඳහා යොදා ගන්නා බළල් අත වන්යේ ජනතා විමුක්ති පෙරමුණයි. රිෂාඩ් බදුර්දීන්ට විශ්වාස භංගයක් ගෙනෙන විට ඔවුන් ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංගයක් ගෙන එන්නේ ද මේ කුලි හේවායින් රාජකාරිය  වන්නේ එජාපයට එන ප්‍රශ්න හමුවේ ජනතාවගේ අවදානය වෙනතකට පත්කිරීම ය. අනුර දිසානයකට තනි බලයකට පත්වීමට කොහෙත්ම උවමණාවක් නොමැත. උවමණාව පැවතිය ද මේ කපේට ඔහුට යලි සිය පක්ෂය ගොඩ ගැනීමට බැරිය.

 ඒ සඳහා ඇති එකම විකලප්පය වන්නේ තමාට වාසි සපයන පක්ෂයේ එල්ලී කුලී හේවකම් සිදු කරමින් සිටීමය. අනුරට ඔහුගේ පක්ෂයයේ ඇති තර්ජන ඉවත් කිරීමට එජාපයත් හසයෝගය නොමදව ලබා දෙති. පසුගිය දා අනුරට අභියෝගයක් වූ ලාල් කාන්තගේ  රිය අනතුර නඩුව දික් ගැස්වුණෙත්, විජිත හේරත්ගේ රිය අනතුරු නඩුව යට පත් වූයෙත් මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි.

කොහොම වුණත් එජාපයට අවශ්‍ය වනුයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ද මල්ලෙන් ජන්ද කඩාගෙන එජාපයට හේත්තු වී හෙමින් සීරුවේ ගමනක් යාමට මිස වෙනයම් දෙයක් නොවේ. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉතා ලැජ්ජා සහගත ලෙස එජාපයට කුලී හේවකම් සිදු කරමින් පවති.