සිංහල මව්වරුන් වඳභාවයට පත් කළා යැයි කියන වෛද්‍ය ෂාෆි සාබ්දීන් සම්මත ක‍්‍රමවේදයෙන් බැහැරව පමණක් නොව සම්මත ක‍්‍රමවේදයන් අනුවද සිංහල මව්වරුන් වඳ භාවයට පත්කර ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (03 වැනිදා) විශේෂ හෙළිදරව්වක් කරමින් අනාවරණය කළේය.

ඒ මෙම වෛද්‍යවරයා මවුවරුන්ගේ අවසරයකින් තොරව වඳ භාවයට පත් කරන සැත්කම් එකොළහක් සිංහල මව්වරුන් සඳහා කර ඇතැයි සබ්දීන් වෛද්‍යවරයා පිළිබඳව කුරුණෑගල මහ රෝහල මගින් සිදු කර ඇති විමර්ශන වාර්තාවේ සඳහන් බවද හෙතෙම පැවසීය.

රජයේ රෝහල් සඳහා ඇතුළත් වන මවුවරුන්ට ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙවැනි ඛඍඔ සැත්කම් කිරීම මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බරපතළ ප‍්‍රශ්නයක් පෙන්නුම් කරන්නක් බවත් සාෆි වෛද්‍යවරයා ලියාපදිංචිය අවලංගු කිරීමට වෛද්‍ය සභාවට ප‍්‍රමාණවත් කරුණු මෙම වාර්තාවේ ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එසේම මෙම වෛද්‍යවරයා කලබලයෙන් සහ වේගයෙන් සිදුකරන ක‍්‍රියාවලිය තුළ ඇතිවන සංකූලතා නිසා කාන්තාවන් සරුභාවය නොවීමට හේතු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් යැයිද හෙතෙම කීවේය.

මෙම වාර්තාව වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳ දැනුමක් නැති පැලෝපීය නාලය හෝ ගර්භාෂය දැකලා නැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාව සේ නොව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන් සැකසූ වාර්තාවක් බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (03 වැනිදා) එම අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි ශ‍්‍රී සදහම් සෙවණ පරිශ‍්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙසේද පැවසීය.

වෛද්‍ය ෂාෆි සාබ්දීන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව මුද්‍රිත හා සමාජ මාධ්‍ය එම වෛද්‍යවරයා නිවැරදිකරු කරමින් පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට ගෙන යමින් තිබෙනවා.

ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම්, නිරාගමික කණ්ඩායම්, විවිධ මාක්ස්වාදී කණ්ඩායම් සහ එම වෛද්‍යවරයා දරන දේශපාලන මතවාදය නියෝජනය කරන කණ්ඩායම් මේ වෛද්‍යවරයා හොඳ මිනිසෙකු කරමින් පුළුල් මතවාදයක් ගෙන යමින් පවතිනවා. එම කණ්ඩායම මහා සංඝ රත්නය, වෛද්‍යවරුන්, උගතුන් අපහාසයට ලක් කරමින් ඔවුන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගත යුතුයි කියන තත්ත්වයට මෙම සිද්ධිය දැන් යොමු කර තිබෙනවා. මෙයට මූලික හේතුව වී තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණුයි.

වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳ දැනුමක් නැති පැලෝපීය නාලය හෝ ගර්භාෂය දැකලා නැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය ඉදිරිපත් කර තිබෙන වාර්තාව තමයි දැන් සමාජගතව තිබෙන්නේ.

සබ්දීන් වෛද්‍යවරයා පිළිබඳව කුරුණෑගල මහ රෝහල මගින් සිදුකර ඇති විමර්ශනයේ සඳහන් වන කරුණු මේ වන විට ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. රටට ආදරේ කරන සියලූදෙනාම මෙම වාර්තාව පිළිබඳ අවධානය යොමු කර දැන් සිදුවෙමින් ඇත්තේ කුමක්ද යන්න තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මෙම වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පමණක් සිසේරියන් සැත්කම් 4372 ක් සිදුකර ඇති අතර දඹුල්ල මහ රෝහලේද සැත්කම් දහසකට අධික ප‍්‍රමාණයක් සිදුකර ඇති බවට දැනගන්නට තිබෙනවා.
මෙම වෛද්‍යවරයා විසින් කුරුණෑගල රෝහලේදී සිසේරියන් සැත්කම් සිදුකරන ලද මව්වරුන් අතරින් 850 දෙනෙකු ජුනි 22 දිනට පෙර ඔහුට විරුද්ධව රෝහලට පැමිණිලි කර තිබෙනවා. එම පැමිණිලි සම්බන්ධයෙන් රෝහල මගින් සිදුකරන ලද පරීක්ෂණවලදී ඒ පිළිබඳ බොහෝ හෙළිදරව් වී ඇති බව රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් දන්වා තිබෙනවා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් මෙම පැමිණිල්ල ඉතා සැහැල්ලූවට ගනිමින් කරුණු ඉදිරිපත් කරනු දක්නට ලැබුණු අතර මෙම පැමිණිල්ලට අදාළව රෝහල් පරීක්ෂණයේ දැනට ප‍්‍රගතිය නිසි පරිදි ඉදිරිපත් නොකර වෛද්‍යවරයා නිදහස් කළ යුතු බවටද අදහස් ඉදිරිපත් කිරීම පුදුමය දන්වන්නක්.

වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඞ් ෂාෆි මහතාට එරෙහිව ජුනි 22 වනවිට කුරුණෑගල රෝහලේදී සිදුකරන ලද සිසේරියන් සැත්කම් වලින් පසු මඳසරුභාවය සම්බන්ධයෙන් පැමිණිලි 767 ක් ලැබී තිබෙනවා. එයින්, 766 ක් සිංහල මව්වරුන් වන අතර එක් අයෙකු ස්වාමිපුරුෂයා සිංහල වන මුස්ලිම් මවක්. සිසේරියන් නොවන වෙනත් ශල්‍යකර්මවලින් පසු මඳසරුභාවයට පත්වීම සම්බන්ධයෙන් පැමිණිලි 29 ක් ලැබී තිබෙනවා. ඒ වගේම නීත්‍යානුකූල නොවන LRTවඳ සැත්කම් සම්බන්ධ පැමිණිලි 11 ක් වාර්තා වෙනවා.එසේම ගර්භාෂය ඉවත් කිරීමේ ශෙල්‍යකර්මයේදී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානිවීම සම්බන්ධ පැමිණිලි 02 ක් තිබෙනවා. සිසේරියන් සැත්කම්වලින් පසු ඇතිවූ සංකූලතා සම්බන්ධ පැමිණිලි 43 මේ අතර වෙනවා.

ස්වාමිපුරුෂයා සිංහල වන එක් මුස්ලිම් මවකගෙන් හැර වෙනත් කිසිම මුස්ලිම් මවකගෙන් මෙම වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි ලැබී නැහැ. මෙම වෛද්‍යවරයා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු සිංහල මව්වරුන්ට ඇති වූ සංකූලතා කිසිම මුස්ලිම් මවකට ඇතිවී තිබේද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තොරතුරු රැුස්කිරීමක් සිදුකර නැහැ. රෝහල වෙත ලැබී ඇති පැමිණිලි 850 අතරින් 11 ක් සෟජුවම නීත්‍යානුකූල නොවන LRTවඳ සැත්කම් සම්බන්ධයෙන්. මවගේ කැමැත්තකින් තොරව එසේ කිරීම ඉතා බරපතළ වරදක්. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධානය යොමුකර නොමැති බව නිරීක්ෂණය වෙනවා.

මොහමෙඞ් ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී සිංහල හා දෙමළ මව්වරුන් සදහා ඉතා අඩු කාලයක් වැය කරන බවටත් මුස්ලිම් මවුවරුන් සඳහා වැඩි වේලාවක් ගතකරන බවටත් රෝහලේ තොරතුරු මගින් සනාථ වී තිබෙනවා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධානය යොමුකර නැහැ.

මෙම වෛද්‍යවරයා විසින් සිදුකරන සිසේරියන් සැත්කම්වලදී මැහුම් දැමීමේදී සිංහල හා දෙමළ මව්වරුන් සඳහා එක් මැස්මකුත්, මුස්ලිම් මව්වරුන් සඳහා මැහුම් දෙකකුත් යොදමින් දෙයාකාරයකින් කටයුතු කරන බවට තොරතුරු ඉදිරිපත්වී තිබෙනවා. මැහුම් දැමීමේදී අනුගමනය කරන ක‍්‍රියාපටිපාටියද මඳසරුභාවය ඇතිවීමට බලපෑ හැකි බවට වෛද්‍යවරුන් පවසා සිටිනවා.

ඉහත තොරතුරු අනුව මෙම වෛද්‍යවරයා විසින් සිදුකළ සැත්කම්වලින් මව්වරුන්ගේ ගර්භාෂයට හානිවීම් සිදුකර ඇති බවට විද්‍යාත්මක සාධක ලැබී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර නැති බව නිරීක්ෂණය වෙන බව කියන්න ඕනෑ.

ෂාෆි වෛද්‍යවරයාට එරෙහි පැමිණිල්ලට අදාළව මූලික පරීක්ෂණ පවා අවසන් නොමැති තත්ත්වයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම තොරතුරු හෙළි කළ මාධ්‍යවේදී හේමන්ත රන්දුණු මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැරදිකරුවන් කරන ආකාරයේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබීම පුදුමයක්.

මෙම වෛද්‍යවරයා කුරුණෑගල සහ දඹුල්ල රෝහල් දෙකේදී සිසේරියන් සැත්කම් 5000 කට අධික ප‍්‍රමාණයක් සිදුකර ඇති අතර දැනට ලැබී ඇති පැමිණිලි මත පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසන් නිගමනයකට එළබෙන්නේ කෙසේද යන්න ගැටලූවක්. මෙම පැමිණිල්ල විභාග කිරීමේදී වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බැවින් මොහොමඞ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල මගින් සිදුකරන ලද පරීක්ෂණවල වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම සහ එම වාර්තා හා නිර්දේශ සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් බව සඳහන් කළ යුතුමයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමි

ඉස්ලාම් ආගමෙන් ඇස් අන්ධකර ගත් ජන සංහාරකයකු කර ඇති සංහාර කුමක්ද යන්න මේ වන විට ඔප්පු වී හමාර බවත් ඔහු රැුකගැනීමට මහජන මුදලින් නඩත්තු වන පොලිස් දෙපාර්තුමේන්තුව කටයුතු කරන්නේ මන්ද යන්න බරපතළ ප‍්‍රශ්නයක්.

වෛද්‍ය ෂාෆි සහබ්දීන් සිංහල ජන වර්ගය සංහාරය කිරීම සඳහා ගෙන ඇති සියලූ කූට උත්සාහයන් කුරුණෑගල මූලික රෝහල විසින් කර ඇති විමර්ශනයේ වාර්තාව මගින් ඔප්පු වී ඇතැයි උන්වහන්සේ කීහ.
වෛද්‍ය සාබ්දීන්ගේ හෙළිදරව්ව ‘දිවයින’ පුවත්පත කළ පසු එය සිදුවිය හැකිද යන්න අපිත් පළමුව පුදුම වූවා. ඒ නිසා අපි ඒ ගැන පළමුව ඔයා බැලීමක් කරන්න කටයුතු කළා. එම සොයා බැලීම් අනුව රෝහල් අධ්‍යක්ෂවරයාගෙන්, වෛද්‍යවරුන්ගෙන් හෙද හෙදියන්ගෙන්, සුළු කාර්ය මණ්ඩල වලින් අපි විමසීම් කළා. ඒ විමසීම් අනුව මෙහි යම් සිදුවීමක් සිදුව ඇති බව අපට නිරීක්ෂණය වුණා.
ඉන්පසුව කළ විශේෂ විමර්ශනය අනුව මෙහි සහසික අපරාධයක් හා සැකයට ලක් වන කරුණු රැුසක් ඇති බව අපට නිරීක්ෂණය වුණා. එහිදී යම් අපරාධයක් වී ඇති බව කරුණු රාශියක් සහිතව අපට පෙනෙන්නට තිබුණා.

මෙම වෛද්‍යවරයා සතු දේපළ සහ වත්කම් පිළිබඳ කළ විමර්ශනයක් අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබුණා. ඒ අනුව කුරුණෑගල අධිකරණයට සිදු කළ කරුණු ඉදිරිපත් කිරීම සිදුකළේ පොලිස් අධිකාරී තිසේරා මහත්මයායි. ඒ මහත්තයා මුලින්ම කළේ පුවත්පත් වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු වාර්තා කිරීමයි. මෙම වෛද්‍යවරයා පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ හේමන්ත රන්දුණු මාධ්‍යවේදියා එම පුවත පළ කර ඇත්තේ කිසිදු තොරතුරක් නොමැතිව බව ඔහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

ඇත්තටම මෙම කරුණු ඉදිරිපත් කිරීම විහිළු සහගතයි. මෙම මාධ්‍යවේදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනැවිත් පැය හත අට ප‍්‍රශ්න කිරීම් සිදු කළා. නමුත් මේ පිළිබඳව වාර්තාවක් සම්පාදනය කළ රෝහල් අධ්‍යක්ෂවරයාව ගෙනත් ඔවුන් ප‍්‍රශ්න කළේ නැහැ. ඒ වගේම මාධ්‍යවේදියාගෙන් ප‍්‍රශ්න කිරීම් සිදුකරන විට ෂාෆි වෛද්‍යවරයා ඊට ආසන්නයේ ඇසෙන දුරක සිටි බවත් කරුණු වාර්තා වෙනවා. මේ සිදුවීම් සිදුවන්නේ කෙසේද යන්න අපට ලොකු සැකයක් තිබෙනවා.

ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නඩත්තු වන්නේ මහජන මුදලින්. ඒ නිසා ඔවුන් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ යුතු වෙනවා. නමුත් ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පොලිස් දෙපාර්තමේන්තුව අපරාධයක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටිනවා නම් එය ප‍්‍රශ්නයක්. ඇත්තටම කුරුණෑගල අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලිස් අධිකාරිවරයා අයුක්ති සහගත ලෙස කරුණු ඉදිරිපත් කළ බව සඳහන් කළ යුතුයි.
මෙම පොලිස් අධිකාරීවරයා අදාළ වෛද්‍යවරයාගේ දේපළ වත්කම් පිළිබඳ ඉදිරිපත් කළ වාර්තා සැකයට තුඩු දෙන්නක්. ඒ පිළිබඳව නැවත සොයා බලන ලෙස පොලිස්පතිවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා. ඔහුගේ වත්කම් ආදායම් ඉපයීම සහ ජන සංහාරය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති ද යන්න අපට ප‍්‍රශ්නයක් තිබෙනවා.

මෙම පොලිස් අධිකාරීවරයා තෙවැනිව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ මදසරුභාවය පිළිබඳවයි. නමුත් ඔහු කුරුණෑගල රෝහලෙන් ඉදිරිපත් කර තිබූ වාර්තාව සැලකිල්ලට ගත්තේ නැහැ. ගවයා ගැන කතා කරන්න කී පසු ඔහු බැඳ සිටින ගස සහ ලණුව ගැන කතා කිරීමක් වැනි දෙයක් තමයි පොලිස් අධිකාරීවරයා අධිකරණයේදී සිදු කළේ. ඔහුගේ නිරන්තර උත්සාහය වුණේ මෙම වෛද්‍යවරයා නිදහස් කිරීමයි.

අප මෙම හෙළිකිරීම් කරන්නේ මුස්ලිම් සමාජයට එරෙහි වීමක් ලෙස නොවේ. ඉස්ලාම් ආගමෙන් ඇස් අන්ධකරගත් ජන සංහාරකයකුට එරෙහි වීමක් තමයි අප මේ කරන්නේ.

ජනාධිපතිවරයා මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සිදුකරන මැදිහත් වීම ඉතාම අල්ප බව අපගේ හැඟීමයි. තමන්ගේ රටේ මවුවරුන් දහස් ගණනකගේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය පිළිබඳ අපට සෑහීමකට පත්වෙන්න බැහැ. මේ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත් කර පරීක්ෂණ කටයුතු මෙහෙවන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

-Divaina