හත්වන විධායක ජනාධිපති තෝරාපත් කර ගැනීමේ සටනෙහි අපේක්ෂකයන් 32ක් අතරින් දැනට ඉදිරියෙන් සිටින්නේ ගොඨාභය රාජපක්ෂ මහතා හා සජිත්  ප්‍රේමදාස මහතා ය. අනෙකුත් අපේක්ෂකයින් පිළිබඳ කථිකාව කෙසේ වෙතත් දැන් මෙය ගෝඨා – සජිත් ජනපති සටන වී හමාරය.  සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය කටයුතු වඩාත් සංවිධානත්මක බවක් දක්නට ඇති බවත් එහි ධනාත්මක ප්‍රතිඵල දැනටමත් ලබාගෙන අවසන් බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා.

ඒ ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහය ලබාදෙන බවට ප්‍රකාශ කිරීමත් සමඟම සජිත් ප්‍රේමදාස මහතාට සෘජුවම ලක්ෂ 4 ½ ක ජන්ද සංඛාවක් හිමි වීමත් සමග ය. මුස්ලීම් ජන්ද ලක්ෂ 3 ½ කට ආසන්න ප්‍රමාණයක් සහ තවත් ලක්ෂයක පමණ ජන්ද සංඛ්‍යාවකගේ සහයෝගය හිටයු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක  මැතිණියගේ සහයෝගයෙන් හිමි වන බවට ගණනය කොට ඇත.  ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා දළ වශයෙන් ලක්ෂ නවයක පමණ ජන්ද ප්‍රමාණයක් එකවර ලබා ගැනමට සමත් වීම එකවර ගෝඨාභය මහතාට අත්වූ විශාල අභියෝගයකි.

මෙම සිදුවීම් සහ ගණනය කිරීම්වලට අනුව බොහෝ දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරනු ලබන්නේ සජිත්  ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථීර බවයි. ඒ අනුව ජයග්‍රහණයෙන් පසු ජනාධිපති මැතිවරණ  පොරොන්දු  ක්‍රියාත්මක කිරීමට දැනටමත්  සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බවට ආරංචි මාර්ග ඔස්සේ පැවසෙනවා. එහිදී ජනාධිපති කාර්ය සාධක බලකා 18 ක්, ජනාධිපති කාර්යාලය ප්‍රමුඛව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදවා ඇත.

ඒ යටතේ කාන්තාවන් බලගැන්වීම උදෙසා, උතුරු -නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනය උදෙසා, රාජ්‍ය සේවා සුභසිද්ධිය උදෙසා , වැඩිහිටි සුභසිද්ධිය උදෙසා, හමුදා නිලධාරීන් සහ කන්තා හමුදා නිලධාරීන්ගේ සුභසිද්ධිය උදෙසා ආදී වශයෙන් සමාජීය අත්‍යාවශ්‍ය හා කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා වූ කාර්ය සාධක බලකා 18 ක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර අවසන් බවට ආරංචි මාර්ග ඔස්සේ සඳහන් වනවා. ජනාධිපති ජයග්‍රහණයේ සැබෑ සතුට සැමරීම යනු එම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම බව සජිත් ප්‍රේමදාස අදහස වන බවයි සඳහන් වන්නේ.