1977 මහමැතිවරණය ජයග්‍රහණය කරමින් බලයට පැමිණි ජේ.ආර් ජයවර්ධන මහතා ජාතික ව්‍යවස්ථාවක් මඟින් ගෙන ආ විධායක ජනාධිපතිධූරයේ හත්වන විධායක ජනාධිපතිධූරය සඳහා වන තරඟයක් මේ වන විට ගොඩ නැඟී ඇත.

එතෙක් මෙතෙක් කාලය තුළ ජනාධිපතිවරණ හයක් මෙරට පවත්වා ඇති අතර එම ජනාධිපතිවරණවලදී ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ ඔවුන් වයස අවුරුදු 60-70 අතර කාලය තුළ ජනාධිපතිවරුන් ලෙස පත් වී ඇති ආකාරයයි.

මෙරට පළමු විධායක ජනාධිපතිවරයා වන ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලය තුළ තරුණ තරුණියන් සඳහාම වෙන්වූ කිසිදු වැඩපිළිවෙලක් ඔහු සතු නොවීය. විධායක බලය භාවිතා කරමින් සිය දේශපාලන ගමන ශක්තිමත් කරගැනීමට කටයුතු කළා හැරුණු විට ජේ.ආර් ජයවර්ධන මහතා සතුව තරුණ තරුණියන් සඳහා ප්‍රධාන වශයෙන් විරැකියාව සම්බන්ධයක් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබුණේ නැත.

ඉන් පසු බලයට පැමිණි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළදී ද තරුණ තරුණියන් වෙනුවෙන් යම් යම් දේ සිදු කිරීමට කටයුතු කළද තරුණ තරුණියන් සඳහා ඔවුන්ගේ අනාගතය ගොඩනැඟීම උදෙසා කටයුතු කිරීමට නිසි ක්‍රමවේදයක් හෝ නිසි ප්‍රතිපත්තියක් නොවීය.

රණසිංහ ප්‍රේමදාස මහතාගෙන් පසු බලයට පැමිණි ඩී.බී විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරණායක, මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ටද මෙරට විරැකියාව, තරුණ තරුණියන්ගේ අනාගතය ගොඩනැඟීම උදෙසා නිසි ප්‍රතිපත්තියක් හෝ නොවීය. යම් යම් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගත්තද ඒවා අතරමඟ නැවතුණ ස්වභායක් ගැනිණ. ඊට ප්‍රධාන හේතුවක් ලෙස බලයට පත් වූ ජනාධිපතිවරුන්ගේ වයස් පරතරය පෙන්වා දිය හැකිය. වයස අවුරුදු 60ක් නොයිමවූ කිසිදු ජනාධිපතිවරයෙකු මෙරට බිහි නොවීය.

මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සජිත් ප්‍රේමදාස (අවුරුදු 52)  සහ ගෝඨාභය රාජපක්ෂ (අවුරුදු 70) සැලකිය හැකිය. මෙම අපේක්ෂකයන් අතුරින් තරුණ තරුණියන්ගේ අදහස්, ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගත හැකි අපේක්ෂකයෙකු ලෙස නම් කළ හැක්කේ සජිත් ප්‍රේමදාස මහතා පමණි. ගෝඨාභය රාජපක්ෂ මහතා දෙස බැලීමේදී පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ ඔහු හට තරුණ තරුණියන් සමඟ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවය. ඊට උදාහරණ අවශ්‍ය තරම් මෙම මැතිවරණ කාලය තුළ සිදු වී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකා තුළ තරුණ තරුණියන් සඳහා වූ දේශපාලනයක් ගැන හෝ ඔවුන්ගේ අනාගත සුරක්ෂිතවායක් ගැන කිසිදු සාකච්ඡාවක් ඇති නොවීය.

මෙවර පැවැත්වෙන හත්වන විධායක ජනාධිපතිවරණයේදී පත් කර ගත යුතු වන්නේ තරුණ තරුණියන්ගේ විරුකියාව, තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවයන් ට විසදුම් ලබා දිය හැකි නායකයෙකු ය. ඒ සඳහා සුදුසුකම් ඇති අපේක්ෂකයෙකු ලෙස නම් කළ හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාය. ඔහුගේ කඩිසර බව හා තරුණ තරුණියන් සමඟින් කටයුතු කරන ආකාරය දෙස බැලීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සාපේක්ෂව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයට සුදුසු බව පැවසිය යුතුය. විධායක ජනාධිපතිවරු හයදෙනෙකු මෙරට ජනතාව විසින් සිය මනාපයෙන් පත් කරගනු ලැබූවද, එම පත් කර ගනු ලැබූ සියලු ජනාධිපතිවරුන් තාරුණ්‍යයේ සිතුම් පැතුම් හඳුනන අය නොවන බව අද තරුණ තරුණියන්ට අත්ව ඇති ඉරණමෙන් පෙන්වා දිය හැක. මෙවර තරුණ නායකයෙකු පත් කරගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබී ඇති අතර තරුණ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා හිමිවන අවසාන අවස්ථාවද මෙය විය හැකිය.